ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්

ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය අංශ කුඩා දරුවන් සඳහා ද කොවිඩ් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එලැඹ තිබෙන බව වාර්තා වේ. ඔවුන් මෙය දැනුම් දි තිබුණේ එරට කොවිඩි වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය මඟිනි.

ඒ අනුව වයස අවුරුදු 5 න් ඉහළ සෑම දරුවකුටම කොවිඩ් සඳහා වූ එන්නත ලබාදෙන්නට කටයුතු කෙරෙන අතර වයස අවුරුදු 17 තෙක් දරුවන් සඳහා ඔවුන් නිර්දේශ කරන්නේ ෆයිසර් එන්නත පමණි.

අවුරුදු 17 න් ඉහළ දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිර්දේශ කරනු ලැබ ඇත.

එමෙන්ම අවුරුදු 18 ට වැඩි සෑම දරුවකුම ‘බූස්ටර්’ මාත්‍රාව ද ලබාගත යුතු යැයි ද ඇමරිකා එක්සත් ජනපද කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

කාලීන පුවත්