ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර “ගෝටා එන ගම”ක් නම් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධාවයේ යෙදෙන පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලු මුවදොර පිටියේ “ගෝටාගෝගම”යන නමින් නවතම සම්ප්‍රදායක ගම්මානයක් හඳුන්වා දීමට සාපේක්ෂව පසුගිය එල්ටීටීඊ යුද සමයේ යුද හමුදාවෙන් ඉල්ලා අස් වූ රාජපක්ෂ මහතා සිය පවුල ද සමඟ මව්බිම හැර ගොස් රැකියාවක් කරමින් ජීවත් වූ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර එක් ස්ථානයක “ගෝටා එන ගම” නමින් පුවරුවක් සවි කිරීමට එහි වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් ඉදිරිපත් ව තිබේ.එමෙන්ම එම පිරිස ජනාධිපති වරයාගේ පුතු වන මනෝජ් දුමින්ද රාජපක්ෂ මහතා වෙසෙන ලොස් ඇන්ජලීස් නුවර නිවස ඉදිරියට ගොස් මව්බිමට කරන යුතුකමක් සේ සළකා හැකිතාක් ඉක්මනින් පියා එහි ගෙන්වා ගන්නා ලෙස ද සාමකාමී උද්ඝෝෂණයක් මඟින් කියා තිබේ.මේ අතර ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයක ද මේ වන විට ගෝටා ගෝ ගම යනුවෙන් නම් කළ ස්ථාන වෙන් කෙරෙමින් තිබේ.

කාලීන පුවත්