ඇමරිකාව කැනඩාව ආක‍්‍රමණය කරයි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කැනඩාව ඇමරිකාවට ඈඳා ගැනීමට පියවර ගනී ද? මෙය මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන කරළියේ විශාල වශයෙන් කතාබහට ලක් වන කාරණයක් වී තිබේ.

මෙයට සති කිහිපයකට පෙර ට‍්‍රම්ප් පළමු වරට මෙම අදහස ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේ බොහෝ දෙනෙකු එය සැලකුවේ විහිළුවක් ලෙසිනි. නමුත් පසුගිය දිනෙක කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසා තිබූ කතාවකින් පෙනෙන්නේ ඔහු ට‍්‍රම්ප්ගේ කතාව බැරැරුම්ව ගන්නා බවකි.

කැනඩාව ඇමරිකාවට ඈඳාගෙන එය ඇමරිකාවේ 51 වැනි ප‍්‍රාන්තය බවට පත් කරගත යුතු බවට ට‍්‍රම්ප් යෝජනා කරමින් සිටියි.

කැනඩා දේශ සීමාව හරහා ඇමරිකාවට නීති විරෝධී සංක‍්‍රමණිකයන් ඇතුළු වීම මෙන්ම මත්ද්‍රව්‍ය ඇතුළු වීම ද නිතර ඔහුගේ විවේචනයට ලක් වෙයි. මෙවැනි කාරණා හේතුවෙන් ට‍්‍රම්ප් පසුගිය දිනවල කැනඩාවට එරෙහිව දැඩි පියවරක් ගැනීමට ද කටයුතු කළේය. ඔහු සඳහන් කළේ කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් සියයට 25 ක ඉහළ තීරු බද්දක් අය කරන බව යි. තවම මෙය ක‍්‍රියාත්මක කර නැතත් නුදුරේදී එය ක‍්‍රියාවට නගන්නට ඉඩ තිබේ.

ඇමරිකාව සහ කැනඩාව අතර තිබෙන වෙළෙඳ සබඳතාව ගැන ට‍්‍රම්ප්ගේ ප‍්‍රසාදයක් නැත. ඇමරිකාව කැනඩාවෙන් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් මිල දී ගත්තත් (ආනයනය කළත්) ඊට සාපේක්ෂව කැනඩාව ඇමරිකාවෙන් ආනයනය කරන්නේ භාණ්ඩ සුළු ප‍්‍රමාණයකි. මෙම තත්වය ඇමරිකාවට අවාසි සහගත තත්වයක් වන අතර ට‍්‍රම්ප් මේ ගැන නිතර මැසිවිලි නගනු දැකිය හැකි වේ.

ට‍්‍රම්ප් සහ ජස්ටින් ටෲඩෝ

එමෙන්ම කැනඩා දේශ සීමාව හරහා ඇමරිකාවට නීති විරෝධී සංක‍්‍රමණිකයන් ඇතුළු වීම මෙන්ම මත්ද්‍රව්‍ය ඇතුළු වීම ද නිතර ඔහුගේ විවේචනයට ලක් වෙයි. මෙවැනි කාරණා හේතුවෙන් ට‍්‍රම්ප් පසුගිය දිනවල කැනඩාවට එරෙහිව දැඩි පියවරක් ගැනීමට ද කටයුතු කළේය. ඔහු සඳහන් කළේ කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් සියයට 25 ක ඉහළ තීරු බද්දක් අය කරන බව යි. තවම මෙය ක‍්‍රියාත්මක කර නැතත් නුදුරේදී එය ක‍්‍රියාවට නගන්නට ඉඩ තිබේ.

කැනඩාව ඇමරිකාවේ ප‍්‍රාන්තයක් බවට පත් කර ගැනීම පිලිබඳ අදහස ට‍්‍රම්ප් මතු කරන්නේ කැනඩාව බිය වද්දා ඉහත කී ගැටලූවලට විසඳුම් ලබා ගැනීමට විය හැකි බවට ද ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබිණි. කැනඩාව ඈඳා ගන්නා බව කීවාට ඔහු සැබැවින් එවැන්නක් සඳහා පියවර නොගනු ඇති බව මේ බොහෝ දෙනාගේ අදහස විය.

නමුත් කැනඩා අගමැති ටෲඩෝ පසුගිය දිනෙක පළ කර තිබුණේ මීට වෙනස් අදහසකි. ඔහු පවසන්නේ කැනඩාව ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ඇත්තටම කල්පනා කරනවා විය හැකි බවයි.

ටෲඩෝ මේ බව සඳහන් කර තිබුණේ මෙයට ටික දිනකට පෙර එරට පැවති කැනඩා – ඇමරිකා ව්‍යාපාරික සමුළුවක දීය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියයක පමණ පිරිසක් මෙයට සහභාගි වී සිටි බව සඳහන් වේ.

කැනඩාව ඇමරිකාවට ඈඳා ගන්නට ට‍්‍රම්ප් සූදානම් වන්නේ කැනඩාවේ ඇති ස්වභාවික සම්පත්වලට ඇස ගසාගෙන බව ද කැනඩා අගමැතිවරයා මෙහි දී ප‍්‍රකාශ කර තිබේ.

”මෙම සම්පත් අයිති කරගැනීමට ඇති පහසුම මාර්ගය කැනඩාව ඈඳා ගැනීම බව ඔහු කල්පනා කරනවා. ඒ නිසා මෙය සැබැවින්ම පවතින තර්ජනයක්” යයි ටෲඩෝ පවසා ඇති බව වාර්තා විය.

පසුගිය කාලයේ ට‍්‍රම්ප් ටෲඩෝව අගමැති ටෲඩෝ ලෙස නොව ආණ්ඩුකාර ටෲඩෝ ලෙස හඳුන්වා තිබෙනු ද දැකිය හැකි විය.

ඇමරිකාවට උතුරු දෙසින් ඊට යාබදව පිහිටා ඇති කැනඩාව වර්ග කි.මී. මිලියන 10 කට ආසන්න භූමි ප‍්‍රමාණයකින් යුතු රටකි. අද ලෝකයේ බොහෝ කර්මාන්ත සඳහා අවශ්‍ය වන කොපර්, ලිතියම්, නිකල්, කොබෝල්ට් වැනි සම්පත් කැනඩාවේ බහුල වශයෙන් තිබේ. මේවාට මෙකල විශාල ඉල්ලූමක් පවතින බව රහසක් නොවේ.

තම රට ඇමරිකාවේ ප‍්‍රාන්තයක් බවට පත්වෙනවාට කැනේඩියානු ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත. මෑතක කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ කැනේඩියානු ජනතාවගෙන් සියයට 80 ක් කැනඩාව ඇමරිකාවේ ප‍්‍රන්තයක් වෙනවාට අකැමැති බව යි. මෙයට අදාළව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් තමුන් ඊට විරුද්ධව ඡන්දය දෙන බව ඔවුන් ප‍්‍රකාශ කර තිබිණි.

ට‍්‍රම්ප් සැබැවින්ම කැනඩාව ඈඳා ගැනීමට අදහස් කරන්නේ නම් ඔහු එය කරන්නට යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. කැනඩාව ආක‍්‍රමණය කිරීමේ අදහසක් ඇත්දැයි වරක් මාධ්‍යවේදියකු ඔහුගෙන් විමසා තිබිණ. එවිට ට‍්‍රම්ප් පවසා තිබුණේ එවැනි අදහසක් නැති බවයි. නමුත් කැනඩාව මත ආර්ථික පීඩනයක් එල්ල කිරීම හරහා තම අදහස ඉටු කර ගැනීමට අදහස් කරන බවක් ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් තම රට ඇමරිකාවේ ප‍්‍රාන්තයක් බවට පත්වෙනවාට කැනේඩියානු ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත. මෑතක කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ කැනේඩියානු ජනතාවගෙන් සියයට 80 ක් කැනඩාව ඇමරිකාවේ ප‍්‍රන්තයක් වෙනවාට අකැමැති බව යි. මෙයට අදාළව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් තමුන් ඊට විරුද්ධව ඡන්දය දෙන බව ඔවුන් ප‍්‍රකාශ කර තිබිණි.

කැනඩාව මේ ආකාරයෙන් ඇමරිකාවට ඈඳා ගැනීමට නම් ඒ සඳහා වන යෝජනාවක් ඇමරිකානු කොංග‍්‍රසයෙන් ද සම්මත විය යුතු වේ. විශේෂයෙන් එය කොංග‍්‍රසයේ සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.
ට‍්‍රම්ප් ගේ දෙවැනි ධුර කාලය තුළ ඔහු ඇමරිකානු ව්‍යාප්තවාදයක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වෙනවාද යන සැකය ද මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ මතු වී තිබේ. ගී‍්‍රන්ලන්තය ද ඇමරිකාවේ පාලනය යටතට ගැනීමට ඔහු සූදානම් වෙමින් සිටින ආකාරයක් දැකිය හැකිය. ආක්ටික් කලාපයේ පිහිටා ඇති ගී‍්‍රන්ලන්තය ද ස්වභාවික සම්පත් බහුල භූමියක් වන අතර මේ වනවිට එය පවතින්නේ ඩෙන්මාර්කය සතුව ය. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මේ වනවිට ආක්ටික් කලාපයේ හිම තට්ටු දියවෙමින් ඇති තත්වය තුළ ඉහත කී ස්වභාවික සම්පත් ගැන ලොව බොහෝ රටවල් උනන්දු වෙමින් සිටිනු දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර