කෝවිඞ් වසංගතය හමුවේ නිවාසවලට කොටු වී සිටින ලොව බොහෝ ධනවත් රටවල ජනයා නෙට්ෆිලික්ස් නරඹමින් ඇපල් හෝ පොප්කෝන් රස විදිමින් දවස මුඵල්ලේ සුව පහසුව වෙසෙති. මා ජීවත් වන ඔස්ටේ‍්‍රලියාවේ තත්ත්වය ද ඒ හැටි වෙනසක් නැත. රට හෝ ප‍්‍රාන්තය ‘ලොක්ඩවුන්’ යැයි ආණ්ඩුව මගින් ප‍්‍රචාරය කළ ඇසිල්ලේ මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය මුදල් බෙදා හැරීම සිදුකෙරේ.
සතියක් ජීවත් වීමට පුද්ගලයකුට අවශ්‍ය මුදල් ප‍්‍රමාණය කොපමණදැයි ආණ්ඩුව දනී. ඔවුන් රැකියාවේ යෙදී සිටින විට සතියකට පැය කොපමණක් සේවය කර ඇද්දැයි ආණ්ඩුවට පෙනේ. එපමණක්ද නොව, ප‍්‍රතිලාභ ලබන රටවැසියන්ගෙන් එක්,එක් පුද්ගලයා වාර්ෂිකව ආණ්ඩුවට කොපමණක් ආදායම් බදු ගෙවා තිබේදැයි එක් බොත්තමක් තද කළ ඇසිල්ලකින් සොයා ගන්නට ආණ්ඩුවට පිළිවන.
එම පුද්ගලයන්ගේ බැංකු ගිනුම් හෝ වෙනත් මුල්‍ය ආයතනයන් හී තැන්පත් කර තිබෙන මුදල සතයටම ආණ්ඩුව දනී. මේ කිසිවක් කිසිවකුට සඟවා තැබිය නොහැකිය. එබැවින් කෝවිඞ් හෝ වෙන ඕනෑම අමාරු අවස්ථාවක දී රටවැසියාගේ පිහිට සඳහා ඉදිරියට එන්නට ආණ්ඩුව යටතේ වෙනම ආයතන පිහිටුවා ඇත.
ඉහත මා සඳහන් කරන ලද්දේ ඉතා කෙටි විස්තරයකි. ඔස්ටේ‍්‍රලියාව වැනි ධනවත් රටවලට මෙවැනි සත්කාර ලබා දිය හැකි නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටකට එවැන්නක් කළ නොහැකි යැයි තර්ක කරන පිරිසක් ද වෙසෙති. ඔවුන්ගෙන් බහුතරයක් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ය. ශ‍්‍රී ලංකාව ‘තුන්වැනි ලෝකයේ’ රටක් යන පහත් මානසික තත්ත්වයක් නිරතුරුව මොවුන් විසින් සමාජගත කිරීම හේතුවෙන් රටේ වැසියෝද එම මානසික තත්ත්වයේ ගොදුරු බවට පත් වී සිටිති. ‘‘අනේ පව් අප්පා..ආණ්ඩුවට සල්ලි නෑ..’’සමහරුන්ගේ සිත් තුළ ගොඩනැගී ඇත්තේ එබඳු අදහසකි.
දේශපාලනය විසින් සමාජයට එන්නත් කරන ලද මෙම විෂ දියරයේ අඩංගු වී ඇත්තේ අමුම අමු පට්ටපල් බොරුවක් බව අපට පෙනේ. රටේ ජාතික ධනය නිරිලෝභීව වැය කරමින් රුපියල් කෝටි ගණන් වටිනා වාහන ගෙන්වා ගන්නා විට ශ‍්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ රටක් යැයි කිසිසේත්ම අනුමාන කරන්නටවත් බැරිය. මා දන්නා තරමින් එබඳු වටිනාකම් ඇති වාහන මෙරටේ දේශපාලනඥයෝ පරිහරණය නොකරති. එවැනි වටිනාකම් තිබෙන වාහන පාවිච්චි කරනු ලබන්නේ නම් ඔවුන් ඒවා මිල දී ගෙන ඇත්තේ තමන්ගේ අතේ මුදල්වලින් මිස රටේ ජාතික ධනයෙන් නොවේ.
තුන්වැනි ලෝකයේ රටක සහ ධනවත් රටක දේශපාලනඥයෝ කටයුතු කරන හැටි අපූරුව ඉන් පෙනේ.
තුන්වැනි ලෝකයේ රටවලට කරන්නට බැරි වැඩ තිබේ. ඒ පිලිබඳ තර්කයක් නැත. දඹුල්ලේ සහ උඩරට පළාත්වල වවන එළවඵ ටික කළමනාකරණය කරමින් ඒවා රටපුරා බෙදා හරින වැඩ පිලිවෙලක් මතක ඇති ඉතිහාසයකින් සොයා ගන්නට බැරිය. රට වටේටම මුහුදය. අල්ලා ගන්නා මාලූ ටික බෙදා හරින්නට වැඩ පිලිවෙලක් නැත. හිටිහැටියේ මාලූත් නැත.
මිල අහස උඩය. රටේ ගොවීන්ගේ වී අස්වැන්න වී මෝල්කාරයෝ හතර පස් දෙනෙක් සොරා ගන්නා බව කියන්නේ ද ආණ්ඩුවයි. එහෙත් උන් කීප දෙනා මිටින් අල්ලා කුදලා ඳගගෙයි දමා සාධාරණ මිලට සහල් ටික පාරිභෝගියාගේ අතට පත් කරන වැඩ පිළිවෙලක් එදත් තිබුණේ නැත. අදත් නැත. ඉතින් ප‍්‍රශ්ණයක් නැගෙන්නේ නිතැතිනි. මේවා කරන්නට බැරි ශ‍්‍රී ලංකාව ‘තුන්වැනි ලෝකයේ’ රටක් හින්දද?
කෝවිඞ් වසංගතය ඉතා දරුණුවට පැතිරෙමින් තිබෙන මෙම අවස්ථාවේ රටේ වැසියෝ ප‍්‍රධාන වශයෙන් මුහුණපාන ප‍්‍රශ්නයක් තිබේ. ඒ ආහාර හිඟයයි.
අදින්නට වස්ත‍්‍ර නැතත් බඩට ආහාර අවශ්‍ය කෙරේ. දැන් ඇඳිරි නීතියක්ද ක‍්‍රියාත්මක වී තිබේ. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ දීර්ඝ කාලයකට රට වසා දමන්නට වුවහොත් ඊට මුහුණ දෙන්නට සියලූ දෙනා සූදානම් වී සිටිය යුතු බවයි. එය දැවැන්ත අනතුරු ඇඟවීමකි. එවැනි තත්ත්වකට රට මෙතෙක් නොගියත් මේ වනවිට රටේ ආහාර හිඟය මතු වී තිබේ. ‘‘සති දෙකකට ඇදිරි නීතිය පනවනවා..’’ යැයි ආණ්ඩුවේ නිවේදනය ගහෙන් ගෙඩි එන්නා සේ පිටවන විට උඩරටින්, දඹුල්ලෙන් සහ තවත් පළාත්වලින් එළවඵ ලොරි ගණන් කොළඹටත් තවත් ආර්ථික මධ්‍යස්ථාන කරාත් පිටත් වී හමාරය.
කන්දකුළියෙන් හා ත‍්‍රිකුණාමලයෙන් මාලූ පුරවාගත් ලොරි රථ අතරමගය. ඒවායේ හිමිකාරයෝ නගන මැසිවිල්ල සහ ආණ්ඩුවට එරෙහිව ඔවුන් කරන චෝදනා අසන විට, දකින විට සැබවින්ම රට අරාජිකදැයි හැගේ. ඇමැති බුරුත්තක් වෙති. කෝවිඞ් වසංගතය හටගෙන දැන් වසර තුනකට ආසන්න වෙමින් තිබේ.
එහෙත් රට ඇතුලේ වගා කරන එළවඵ, සහල් සහ අල්ලා ගන්නා මාලූ ටික ක‍්‍රමවත් වැඩ පිලිවෙලක් යටතේ බෙදා හරින්නට මොවුන් එකෙක්ගෙවත් ඔලූවලට අදහසක් නැගී නැත. ඒ ඔවුන් පවසන ආකාරයට ශ‍්‍රී ලංකාව ‘තුන්වැනි ලෝකයේ’ රටක් නිසාද නැතහොත් තුන්වැනි පංතියේ දේශපාලනඥයන්ගෙන් පිරුන රටක් නිසාදැයි යන ප‍්‍රශ්ණය මෙහිදී නැගේ.
මේ අතරවාරයේ ස්වයං නිරෝධායනකට පිවිසෙන බව පවසමින් රටේ සමහර පළාත් හී වෙළෙඳ ව්‍යාපාර වසා දමා තිබේ. වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන පිටකොටුවේ හරස් වීදියකට බැස රූපවාහිනි කැමරා ඉදිරියේ ‘කෙසෙල්වත්තේ සෝමේ’ගේ චරිතය රඟපාමින් අභියෝගයක් කරනු දුටුවෙමි. ඔහු පැවසුවේ කඩ වසා දැමුවාට ප‍්‍රශ්නයක් නැති බවකි.
රටපුරා සතොස සහ සමූපකාර මගින් සියලූම ආහාර ද්‍රව්‍ය බෙදා හරින බව හෙතෙම කීවේය. ඇමැති බන්ධුලගේ මෙවැනි ‘බහුභූත’ කතා ඔහු වෙළෙඳ ඇමැති ධූරය දැරූ සෑම ආණ්ඩුවක් යටතේ අසා තිබේ.
කඩුවෙල සතොසක් තිබේ. දෙවැනි සතොස ඇත්තේ මාලබේය. තුන්වැනි සතොස බත්තරමුල්ලේ වීරසූරිය පටුමග අසල පිහිටුවා ඇත. මේ එක පළාතක ලක්ෂයකට වැඩි ජනතාවක් වෙසෙති. කටට එන වචන ‘බස..බස..’ගා පනින්නේ ජනයාට ‘ආතල්’ දෙන්නට මිස ඒවා ක‍්‍රියාත්මක කරන්නට නොවේ. නමුත් මේවා කළ නොහැකි කාර්්‍යයන් ද නොවේ.
ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා මෙම අවස්ථාවේ ඉටු කර දෙන්නට ඇමැති බන්ධුලට පොහොසත් වුවහොත් ඔහු මීළඟ ජනාධිපතිවරයා වුවත් කම් නැත.
අනුර හොරේෂස් බි‍්‍රස්බෙන් සිට