ලොව ප්රබලතම මැතිවරණය සේ සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (5) පැවැත්වේ.මෙවර රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී තිබේ.මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂක දෙපළ ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්රචාරක රැලි සඳහා සහභාගී වූ අතර ඇමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්රචාරක රැලියට එක් ව තිබිණ.ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේ පැවැත්විය යුතු බව සඳහන් ය.
.