ඇඹිලිපිටියෙන් දියතලාවෙන් ගෑස් ලිප් පිපිරීම් වාර්තාවෙයි

ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

ජීවිත හානි කිසිවක් නැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල් හිමියා වහා මුලුතැන්ගෙට ගොස් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව ද පොලීසිය පැවසුවේය.

දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසකද අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි.

ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි දර්ශන ලක්මාල් 26 මෙසේ කීවේය.

ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ. මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා.මම කාමරයේ හිටියේ . කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා.

මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වී තිබුණා.

 

 

කාලීන පුවත්