මේ වන විට නියඟයෙන් පීඩා විඳින වලව කලාපයේ ගොවීන් මුහුණපාන ගැටලුව සම්බන්ධයෙන් අද(31) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 8ක් සම්පූර්ණ වෙයි.ඔවුන් පෙන්වා දෙන්නේ, ජලය ලබා දීම තවදුරටත් ප්‍රමාද කළහොත් විනාශයට ලක්වන වී වගා බිම් ප්‍රමාණය අක්කර 65000 ක් පමණ වන බවයි.ඒ හේතුවෙන් මෙම වසරේ සමස්ත සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ඔව්හු පවසති.මේ අතර උඩවලව ජලාශයට ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බල උත්පාදනයට යොදා ගන්නා සමනල වැවෙන් ජලය නිකුත් කළහොත්, දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, වගාව සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිවීමෙන් ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටින බවකි.ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීමට තමා කටයුතු කළ බව ද ඔහු සඳහන් කරයි.