ඇල්ලේ රක්ෂිතයක ගින්නක්

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ වන රක්ෂිතය ට කිසිවෙකු විසින් ගිනිතබන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම කීය .

ඇල්ල දුම්රිය ස්ථානය අසල රක්ෂිතයේ ඇති වූ ගින්න උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානය අසල සිට දෙමෝදර අහස්නවය ආරුක්කු පාලම දෙසට දුම්රිය මාර්ගයට ආසන්නව රක්ෂිතයේ පැතිර යමින් තිබූ බවත් , දුම්රිය සේවකයන් සහ අවට ගම්වාසීන් එක්වී කොල අතු යොදා ගනිමින් වතුර ගසමින් ගින්න මැඩපැවැත්වීමට සමත් වූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

කාලීන පුවත්