ඇල්ල-වැල්ලවායේ නාය යාමක් සක්‍රීය වෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට අවදානම් නායයාමක් සක්‍රිය වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය අද (27) පැවසීය.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල,මලිත්තගොල්ල ප්‍රදේශයේ පැරණි නායයාමක් මෙසේ සක්‍රිය වී තිබේ.

මේ තත්ත්වය මත ඇල්ල-වැල්ලවාය මාර්ගයට මේ ස්ථානයෙන් ඉතා අනතුරුදායක තත්වයක් මතු වී තිබේ.

කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ කන්ද ඇල්ල වැල්ලවාය මාර්ගයට කොයි මොහොතක හෝ නායයාමට ඉඩ ඇති බවත් මේ වන විට ගල් සහ මඩ මාර්ගය කරා ගලාඑමින් පවතින බවත් ආපදා අංශ නිරීක්ෂණය කර ඇත.

කාලීන පුවත්