.නුවරඑළිය නගරයට ඉමහත් අලංකාරයක් ගෙන දෙන ග්‍රෙගරි වැව හිස් කර ඒ මතින් ඇවිදින මං තීරුවක් තැනීමට ගෙන ඇති තීරණය නිසා තම සාමාජිකයන් දැඩි පීඩාවට පත්ව සිටින බව ග්‍රෙගරි වැව සංචාරක බෝට්ටුකරුවන්ගේ සංගමය පවසයි.නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන ග්‍රෙගරි වැව හිස්කර තිබෙන්නේ ඊයේ දිනයේදී වන අතර උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයෙහි නිරත වන අතර එවැනි කාල සමයක මෙවැනි පියවරක් ගැනීම බලවත් අසාධාරණයක් බව ග්‍රෙගරි වැව සංචාරක බෝට්ටුකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.ග්‍රෙගරි වැව 1873 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිගේ පාලන සමයේදී ඉදිකරන ලද්දකි.නුවර එළිය නගරය අවට ඇති කඳු වළල්ල මැදි කර ගත් වගුරු බිමක් මුල් කොට නගරාලංකරණය සඳහා තනවන ලද මෙම වැව හා ඒ ආශ්රිත පරිසර පද්ධතිය අභිරක්ෂණය කළ යුතුව තිබිය දී එය ගොඩ කර ඇවිදින මං තීරුවක් තැනීම පාරිසරික ගැටළු කිහිපයකට ද මුල් විය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති