ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සිදු කෙරේ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම අද අලුයම අලුත්නුවර දී සිදු කෙරුණි.

මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීමයි මෙහිදී සිදු විය.

මහනුවර සිව් මහා දේවාලයන්හිදී සිදු කරන කප් සිටුවීම සඳහා කප සූදානම් කිරිමේ කාර්යයභාරය අලුත්නුවර විෂ්ණු දේවාලයට පැවරී තිබේ.

ඒ අනුව මහ දේවාලය පිහිටි ප්‍රදේශයේ නැගෙනහිර දිශාභිමුඛව පිහිටන ඵල නොදැරූ පනස වෘක්ෂයක් එනම් ලපටි කොස් ගසක් මේ වෙනුවෙන් වෙන් කර ගනී.

කාලීන පුවත්