ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමෙයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.ඇෆ්ගනිස්ථානයේ නීත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම හා තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත වාතාවරණය මීට හේතු වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව අමඟ පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමත් සමඟ තානාපතිවරයා නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණියේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආකර්මන්‍ය වූ බැවිනි.පසුව එම තානාපති කාර්යාලය වසා දමන ලෙස විදේශ අමාත්‍යංශයෙන් ලැබුණු නිර්දේශ මත ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම තානාපති කාර්යාලය වසා දමා ඇත.

කාලීන පුවත්