ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවන්න විශ්‍රාමික ගුරුවරු

පළාත් මට්ටමින් පවතින ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම සඳහා දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන් යළි කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඒ අතර එළැඹෙන ජුලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද පවසන අමාත්‍ය වරයා උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ලබන 19 වනදා අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිත බව ද පවසයි.

කාලීන පුවත්