ඉංග්‍රීසි කාලෙ වත් ගොවියාට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ නෑ

ඉංග්‍රීසි කාලෙ වත් ගොවියට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ නෑ අද ගොවියා බෙල්ල මිරිකලා අප රටේ ගොවීන්ට ඉංග්‍රීසි පාලන සමයේ වත් මෙතරම් වේදනාවක් විඳින්නට සිදු නොවූ බවත් අද මෙරට කෘෂිකර්මය තලා නැගිටීමට නොහැකි ලෙස ගොවියාගේ බෙල්ල පාගා ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ඒ  මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය  අමතමිනි.එහි දී හිටපු ජනපති වරයා මෙසේ ද කීය. “පොළේ ගිහින් කරපු කතාවකට සුසිල්ව අස් කෙරුවා.ඒ කතාව හයේ පාරක්. ලන්සා ඇමැතිවරයා ගම්පහදී ඔයට වැඩිය දරුණු ප‍්‍රකාශයක් කළා.

හයේ පහරවල් දෙකක් ගැහුවා. දැන් දින තුන හතරකට කලින්.ඒත් ලන්සාට අත තියන්නෙ නෑ. මොකද ලන්සා රහස් සියල්ල දන්න නිසා. වෙන හේතුවක් නෑ.

අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අලූත් වැඩපිළිවෙළකට අවතීර්ණ වුණේ රට තිබෙන මේ තත්ත්වයෙන් මුදාගන්නටයි.පොහොර නැතුව ගොවියා විඳින දුක.

ඉංගී‍්‍රසි පාලනය තිබූ කාලයෙවත් ගොවියට මේ තරම් වේදනාවක් දුන්නේ නෑ. කෘෂිකර්මය තලලා පෙළලා ගොවියා පාගලා බෙල්ල මිරිකලා. ගොවියාට නැගිට ගන්න බැරි වෙන්නම ඉවර කරලා.

අපි මේ ආණ්ඩුව හැදුවා. බලයට පත් කළා. පොහොට්ටුවේ ජීර්ණය වෙලා ඉන්න සමහර අය කියනවා හැටනව ලක්ෂය ඒ අයගෙම කියලා. නෑ; හැටනව ලක්ෂයම ඒ අයගෙ නෙවෙයි.

මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. දේශපාලන පක්ෂ දහතුනක් එකට එකතු වෙලයි සන්ධානය හැදුවේ. ශී‍්‍ර ලංකා පොදුජන නිදහස් සන්ධානය හැදුවේ එහෙමයි. ඒ සන්ධානයේ ප‍්‍රබල පක්ෂය අපියි.

පාර්ලිමේන්තුවේ තුන්වැනි ප‍්‍රබලම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි.

කාලීන පුවත්