ඉතිහාසයේ මුල් වරට අයිස්ලන්ත සංචාරක පිරිසක් මෙරටට

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයෙන් සංචාරකයන් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට ඊයේ (05) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සහ ආක්ටික් සාගර අතර, උතුරු ඇමරිකාව සහ යුරෝපය අතර මැද අත්ලාන්තික් කඳු මුදුනේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපය සමඟ සංස්කෘතිකව හා දේශපාලනිකව සම්බන්ධ වී තිබේ. එය කලාපයේ බටහිරම හා වඩාත්ම අඩු ජනගහනය සහිත රට වේ.මෙම අයිස්ලන්ත සංචාරක පිරිස 24 දෙනකුගෙන් සමන්විත අතර ඔවුන් දින 14ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතය. මෙම පිරිස පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව ඊයේ (05) උදෑසන 08.33ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත මෙම අයිස්ලන්ත සංචාරක පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැළීමට සැලසුම් කර තිබේ. මෙම පිරිස දේශීය සම්ප්‍රදායානුකූල උණුසුම් ලෙස ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.

කාලීන පුවත්