මේ වන විට මෙරටින් හදුනාගත් ඕමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉදිරියේදී ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වනු ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෑත කාලීනව හඳුනාගෙන ඇති ඕමික්‍රොන් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි පිරිස් වන අතර ඔවුන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බව ද ජීවන්දර මහතා පවසයි.