රටක කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමට ආසන්න වෙද්දී විවිධ දේශපාලන ‘ප්‍රවණතා’ හෙවත් ‘ජන රැළි’ මතු වන්නට පටන් ගැනීම කාලයක් තිස්සේ අප දැක ඇති හුරුපුරුදු කාරණයකි. මැතිවරණ උණුසුම නිසාම මේ ඉබේ මිනිසුන් අතරින් මතු වන ඒවා සේ පෙනුණ ද සැබවින්ම එය එසේ නොවේ. මේවා බොහොමයක් කෘත්‍රිමව නිර්මාණය කරන ඒවා ය. මේවා දේශපාලන අරමුණු ඉටු කර ගැනීම පිණිස, උපක්‍රමිකව, සැලසුම් සහගතව නිර්මාණය කරන ඒවා ය. ඡන්දය යනු රහසිගත කාරණයක් වන අතර ජනතාව ඒ වෙනුවෙන් කලබල වී, විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන්නට කොහෙත්ම ඕනෑකමක් නැත. ජනතාවගේ කාර්යය වන්නේ මැතිවරණ දිනයේ දී ඡන්දය ලබා දීම පමණි. නමුත් තමා කැමති පක්ෂය වෙනුවෙන් මහා මෙහෙවරක්, සේවයක් කරන බව පෙන්වීම සඳහා විවිධ පුද්ගලයන් සේම පුද්ගල කණ්ඩායම් ක්‍රියාකාරී ලෙස වැඩකටයුතු කරයි. ‘ජන රැල්ල අපටයි’ යනුවෙන් පවසමින්, කටවුට් ගසමින් පෝස්ටර් අලවමින්, සමාජ ජාලවල විවිධ අදහස ප්‍රකාශ කරමින් සිටිනු දකින්නට ලැබෙයි. ඔය අතරේ සමහරෙක් තමන් ඡන්දය දෙන්නේ කාට ද යන්න සඳහන් ස්ටිකර් ආදිය පවා ප්‍රදර්ශනය කරති. සැබවින්ම මේ ප්‍රවණතාවයන් පසුපස ඇත්තේ මනෝ විද්‍යාත්මක කාරණයකි.
සජීවීව වාදනය කරමින් ගමන් කරන සංගීත කණ්ඩායමක් සහිත රථයක මුලින්ම සිටින්නේ සංගීත කණ්ඩායම පමණි. ඉන් පසු යමෙක් එයට ගොඩ වී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සමග එකතු වෙයි. මෙය දෙස බලා සිටීමෙන් කුල්මත් වන තව තවත් අය ද රථයට ගොඩ වෙයි. බොහෝ දෙනෙක් රථයට ගොඩ වී ඇත්තේ අන් අය කරන නිසා මිස තමාට එය අවශ්‍ය නිසා හෝ ඒ පිළිබඳ අවබෝධයකින් හෝ නොවේ. එබැවින් Bandwagon effect යනු තමාගේ විශ්වාසය කුමක් වුවත්, අන්‍යයන් කරන නිසා තමා ද එය කළ යුතු යැයි සිතන මනෝ විද්‍යාත්මකව බලපාන කාරණයකි.
මනෝ විද්‍යාවේ දී මෙය හඳුන්වනු ලබන්නේ Bandwagon effect නමිනි. Bandwagon යනුවෙන් හඳුන්වනු කියවෙන්නේ සජීවීව වාදනය කරමින් සිටින සංගීත කණ්ඩායමක් ප්‍රවාහනය කරන රථයක් වැනි අදහසකි.මෙය සිංහල බසින් හොරණෑ රථ බලපෑම ලෙස හැඳින්වීමට ද පුළුවන. මෙය මනෝ විද්‍යාත්මකව නිර්වචනය කළ හැක්කේ මෙලෙසිනි. සජීවීව වාදනය කරමින් ගමන් කරන සංගීත කණ්ඩායමක් සහිත රථයක මුලින්ම සිටින්නේ සංගීත කණ්ඩායම පමණි. ඉන් පසු යමෙක් එයට ගොඩ වී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සමග එකතු වෙයි. මෙය දෙස බලා සිටීමෙන් කුල්මත් වන තව තවත් අය ද රථයට ගොඩ වෙයි. බොහෝ දෙනෙක් රථයට ගොඩ වී ඇත්තේ අන් අය කරන නිසා මිස තමාට එය අවශ්‍ය නිසා හෝ ඒ පිළිබඳ අවබෝධයකින් හෝ නොවේ. එබැවින් Bandwagon effect යනු තමාගේ විශ්වාසය කුමක් වුවත්, අන්‍යයන් කරන නිසා තමා ද එය කළ යුතු යැයි සිතන මනෝ විද්‍යාත්මකව බලපාන කාරණයකි.
මෙම බලපෑම බොහෝ විට පාරිභෝගික හැසිරීම්, දේශපාලනය, විලාසිතා සහ සමාජ ප්‍රවණතා තුළ දක්නට ලැබේ, එහිදී පුද්ගලයන්ගේ යම් යම් හැසිරීම්, ආකල්ප ආදිය තීරණය වන්නේ තවත් බොහෝ අය එයම කරන බව ඔවුන් වටහා ගන්නා බැවිනි. කෙසේ වෙතත් හොරණෑ රථය පදවාගෙන යන්නන්ට එයට ගොඩවූවන් අවශ්‍ය කරන්නේ තම කාර්යය ඉටුකරගන්නා තෙක් පමණි. එය අවසන් වූ සැනින් ඔවුන්ව එයින් ඉවත හෙළනු ලබයි.
මේ සංකල්පය මුලින්ම ලොවට බිහි වූයේ 19 වැනි සියවසේ සිටි ඇමරිකානු ජාතික සංදර්ශකයකු වූ ෆිනියාස් ටේලර් බාර්නම්, සිය සර්කස් කණ්ඩායමට ප්‍රචාරයක් ලබා දීම පිණිස සජීවීව වාදනය කරන සංගීත කණ්ඩායමක් සහිත රථයක් යොදා ගැනීමත් සමගය. පසුව 1950 දශකයේ දී ඇමරිකානු සමාජ විද්‍යාඥයකු වූ පෝල් එෆ්. ලසාර්ස්ෆෙල්ඩ් මේ තුළ වූ මනෝ විද්‍යාත්මක කාරණය හඳුනාගෙන ඒ පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එය මනෝ විද්‍යාත්මක සංකල්පයක්, න්‍යායක් ලෙස ප්‍රචලිත විය.
ඕනෑම දේශපාලන පක්ෂයකට ප්‍රතිපත්ති මාලාවක් ඇති අතර ඇතැමුන් නිරන්තරයෙන්ම ප්‍රවර්ධනය කරන්නට උත්සාහ දරන්නේ සිය ප්‍රතිපත්ති මාලාවය. නමුත් ප්‍රතිපත්ති මගින් ජනතාව අතර කුල්මත් බවත් ඇති කරන්නට හැකියාවක් නැත. කුල්මත් බවක් නොමැතිව ජන රැල්ලක් ඇති කරන්නට ද අපහසු ය. එබැවින් බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මැතිවරණයක් ආසන්න වෙද්දී තමාට ප්‍රතිවාදී පක්ෂ විවේචනය කිරීම, ඒවායේ වැරදි අඩුපාඩු ඉස්මතු කොට දැක්වීම, නැති වැරදි ඇතැයි පෙන්වීම වැනි හැසිරීමක් පෙන්නුම් කරනු දකින්නට ලැබේ. දේශපාලනය හා සම්බන්ධ “මඩ උල්පත්” මතු වන්නේ ද මේ පදනම යටතේ ය. එසේ කරන දේශපාලන පක්ෂයට කැමති සහ අනෙකුත් දේශපාලන පක්ෂවලට කැමැත්තක් නැති ජනතාව අතර මේ නිසා කුල්මත් භාවයක් ඇති වෙයි. ඔවුන් ද නිරායාසයෙන්ම මේ ක්‍රියාකරකම්වලට සම්බන්ධ වේ. වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ මේ කාරණය හොඳින්ම දකින්නට ලැබේ.
මේ රැල්ල නිර්මාණය කරන්නට දායක වන පුද්ගලයා හෝ කණ්ඩායම මුලින්ම යම් කාරණයක් සමාජයට එක් කරයි. වර්තමානයේ නම් මෙය බොහෝ විට සමාජ මාධ්‍ය හරහා කරනු දකින්නට පුළුවන. එහි බොහෝ විට ඇත්තේ එක්කෝ තමාගේ පක්ෂය අනෙක් ඒවාට වඩා ඉහළින් සිටින බව කියවෙන්නකි. එසේත් නැත්නම් ප්‍රතිවාදී පක්ෂයක් පිළිබඳ විවේචනයකි. මෙය දැකීමෙන් කුල්මත් වන්නන් එය තමාගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද ප්‍රචාරණය කරයි. වැඩි දිනක් ගතවන්නට කලින් මෙය රැල්ලක් සේ ඉස්මතු වී පෙනෙන්නට පටන් ගනියි. එවිට එකී දේශපාලන පක්ෂය වඩාත් ජනප්‍රිය යැයි, එයට පෞද්ගලිකව කැමැත්තක් නොදක්වන්නන් අතර ද යම් මතයක් ඇති වන්නට පටන් ගනියි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීම පිණිස විදෙස් ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් ලක්ෂ පහලොවක් මේ වන විටත් ගුවන් ටිකට්පත් වෙන් කරවා ගෙන ඇතැයි යන පුවතක් මේ දිනවල සමාජ ජාල වල ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් තිබේ. එහෙත් සිහි මොළේ ඇති ඕනෑම කෙනකුට සුපිරි විනෝදාශ්වාදයක් ගෙන දෙන එම පෝස්ටුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයකු වන සුනිල් කන්නන්ගරයන් එක් කොට තිබූ කමෙන්ටුව මෙලෙසිනි.
“ගුවන් මගීන් ලක්ෂ 15ක් ලංකාවට ඡන්දෙ දාන්න එනව නම් ඡන්දෙට තව දවස් 40යි. එක ගුවන් යානයක මගීන් 300ක් එනව කියල හිතමු. එහෙම වුනොත් ගුවන් යානා 5000ක් එන්න ඕන. හෙට ඉඳන් ම ආවත් දවසකට ගුවන් යානා 125 ලංකාවට එන්න ඕන. ඔය වැඩේටම. ඒ අනුව බැලුවම මුලු දවස් හතලිහ පුරාම දිවා රාත්‍රි භේදයක් නැතුව සෑම විනාඩි 12කට වරක් මගීන් 300 රැගත් ගුවන් යානයක් කටුනායකට බාන්න වෙනවා. මත්තලත් තියෙන නිසා බාගයක් එහෙට යැව්වත් විනාඩි 25කට එක ගානෙ බාන්න වෙනවමයි. කටුනායක ගුවන් ධාවන පථ එකක් විතරක් තියෙන නිසා අනික් ගුවන් යානාත් එනකොට මාර ගුවන් තදබදයක් එනවමයි. ආපහු යන්නත් ඔය ගාණම ඕනවෙන නිසා තව මාස තුනක් යනකම් ගවන් තොටුපලවල වැඩ කරන අයට ඉතින් සොරිම තමා. මම නම් හිතන්නෙ සමහරුන්ට කේරලේ ත්‍රිවෙන්ද්‍රම් බැහැල නැවෙන් එන්නත් වෙයි. පව් අප්පා ඒ මිනිස්සු.” යම් කරුණක් දෙස විචක්ෂණශීලී ලෙස බලන්නවුන් එසේ සිතුව ද දේශපාලන අරමුණු උදෙසා විවිධ ක්‍රම මඟින් සමාජය පුරා පතුරුවා හරින මේ “සබන් බෝල’ වලින් පාපන්දු ගැසිය හැකියැයි සිතනෝ ද අප අතරේ සිටිති.
ඉහත කාරණයම තවත් මනෝ විද්‍යාත්මක න්‍යායක් ඇසුරින් විග්‍රහ කොට තිබේ. එය හඳුන්වනු ලබන්නේ Herd behavior නමිනි. අපට මෙය ‘රංචු චර්යාව’ වැනි නමකින් හඳුන්වන්නට පුළුවන. එයින් කියවෙන්නා සේ මේ තුළ ඇත්තේ යම් රංචුවකින් පෙන්නුම් කරන චර්යාවකි. නිදසුනක් ලෙස ගතහොත් සුනඛයන් රංචුවක එක් සුනඛයෙක් කුමක් හෝ හේතුවකට බුරන්නට පටන් ගතහොත්, ඒ හේතු කාරණය පිළිබඳ කිසිදු වැටහීමක් නොමැති වුව ද රංචුවේ අනෙක් සුනඛයන් ද බුරන්නට පටන් ගනියි. එය මනෝ විද්‍යාවේ විග්‍රහ කොට ඇත්තේ බොහෝ විට තාර්කික චින්තනයකින් හෝ තනි තීරණ ගැනීමකින් තොරව විශාල කණ්ඩායමක ක්‍රියාවන් අනුගමනය කිරීමට සහ අනුකරණය කිරීමට පුද්ගලයන් තුළ ඇති වන ප්‍රවණතාවය ලෙසිනි. මෙම හැසිරීම සාමාන්‍යයෙන් මෙහෙයවනු ලබන්නේ බහුතරයකගේ ක්‍රියාවන් නිවැරදි හෝ වඩාත් ගැලපේ ය යන විශ්වාසය මත වන අතර, එය ඇතැම්විට වැරදි සේ පෙනුණ ද බහුතරයක් එතැන සිටින බැවින් එය නොසලකා තමා ද එය අනුගමනය කරන්නට පෙළඹෙයි. මේ න්‍යාය මුලින්ම හමුවන්නේ ඉංග්‍රීසි ජාතික මනෝ විද්‍යාඥයකු වූ විල්ෆ්‍රඩ් ට්‍රොටර් 1908 වසරේ දී ප්‍රකාශයට පත් කළ Instincts of the Herd in Peace and War කෘතියෙනි. මූල්‍ය වෙළෙඳ පොළේ ද මේ කාරණය දක්නට ලැබෙන බව සඳහන් කළ ලොව ප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු වූ ඉංග්‍රීසි ජාතික ජෝන් මේනාර්ඩ් කේන්ස් 1936 ප්‍රකාශයට පත් කළ සිය The General Theory of Employment, Interest and Money කෘතියෙන් ද මෙය පිළිබඳ සාකච්ඡා කොට තිබේ.
ලෝකයේ දියුණු රටවල මෙවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැත. එම රටවල Bandwagon effect මගින් හෝ රංචු චර්යාව ඔස්සේ ඡන්ද දායකයාට බලපෑම් කරන්නට ලැබෙන්නේ අවම අවස්ථාවක් බව පෙනේ. එම රටවල මැතිවරණ දිනය ද සාමාන්‍ය දිනයක් පමණක්ම වන අතර ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කොට සිය වැඩකටයුතුවල නිරත වෙයි. එම රටවල ජනයා මැතිවරණයට පෙර ද අප රටවල මෙන් කලබල කරමින් තමා කැමති අපේක්ෂකයා හෝ පක්ෂය ප්‍රවර්ධනය කරන්නට කටයුතු නොකරති.
මෙය විවිධ ක්ෂේත්‍රයන් තුළ දක්නට ලැබෙන අතර නොදියුණු රටවල දේශපාලනය ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ක්ෂේත්‍රයක් වී තිබේ.
කෙසේ නමුත් මේ ආකාරයට ඇති වන ජන රැළිවලින් ඇතැම් අවස්ථාවල දී මහ පොළොවේ යථාර්ථය පෙන්නුම් නොකරන අවස්ථාවන් ද දකින්නට ලැබේ. එනම්, ඇතැම් අවස්ථාවල දී මහා ජන රැල්ලක් පවතිනවා සේ පෙනුණ ද මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමේ දී මේ ජන රැල්ල එයින් නිරූපණය වී නොපෙනීම ය. එයින් පැවසෙන්නේ මිනිසුන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ජන රැල්ලෙන් ලැබෙන බලපෑම සියයට සියයක්ම යොදා නොගන්නා බව ය. බොහෝ විට ඡන්දය භාවිත කරන අවස්ථාව වෙද්දී මේ ජන රැලිවලින් බලපෑමෙන් ඇති කළ මතය යම් පමණකින් අඩු වන බව ද පෙනේ. බොහෝ දෙනෙක් මෙවැනි ජන රැලිවලින් ඇති කළ මතවාදයක සිටිය ද අවසාන මොහොතේ ක්ෂණිකව අදහස් වෙනස් කොට වෙනත් පුද්ගලයකුට හෝ පක්ෂයකට ඡන්දය භාවිත කරන අවස්ථාවන් ද ඕනෑ තරම් දකින්නට ලැබේ.
කෙසේ නමුත් ලෝකයේ දියුණු රටවල මෙවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැත. එම රටවල Bandwagon effect මගින් හෝ රංචු චර්යාව ඔස්සේ ඡන්ද දායකයාට බලපෑම් කරන්නට ලැබෙන්නේ අවම අවස්ථාවක් බව පෙනේ. එම රටවල මැතිවරණ දිනය ද සාමාන්‍ය දිනයක් පමණක්ම වන අතර ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කොට සිය වැඩකටයුතුවල නිරත වෙයි. එම රටවල ජනයා මැතිවරණයට පෙර ද අප රටවල මෙන් කලබල කරමින් තමා කැමති අපේක්ෂකයා හෝ පක්ෂය ප්‍රවර්ධනය කරන්නට කටයුතු නොකරති.එබැවින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි ආර්ථික සහ සමාජයීය වශයෙන් නොදියුණු රටවල මෙන් එවැනි රටවල මැතිවරණය නිසා ඇති වන කලබලකාරී ස්වභාවය, කලහකාරී ස්වභාවය එතරම් ඉස්මතු වී පෙනෙන්නේ නැත. ඒ කෙසේ හෝ අප මේ සම්බන්ධයෙන් ඔබ මෙසේ පූර්ව දැනුවත් කිරීමකට ලක් කරනුයේ ඉදිරි දිනවල එම දේශපාලන සම්බන්ධ එම හොරණෑ රථ බලපෑමට යටත් නොවී එහි මිහිර, ආස්වාදය රිසි සේ විඳ ගැනීමට ඉඩ සලසා දෙනු පිණිස ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක