මේ වන විට විදුලි කප්පාදුව තාවකාලිකව නතර කොට ඇතත් යළි එය ක්‍රියාත්මක කිරීමේ අවදානමක් පැන නැඟී තිබේ.ඒ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනුයේ දැනට විදුලිබල මණ්ඩලය සතු ගල්අඟුරු තොග ඔක්තෝබර් 15 වැනිදා දක්වා ප්‍රමාණවත් වන බවයි. වසරේ ඉදිරි කාලය සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් සපයා ගැනීමට සිදුව ඇති අතර එසේ නොවුවහොත් අවම වශයෙන් පැය 08 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ඉඩ තිබෙන බව ඇමතිවරයා පවසයි.