ඉදිරි ජනපතිවරණය සඳහා රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු වුවත් ජනපතිවරණයට ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙක් වුවත් පොහොට්ටුවේ සහයෝගයෙන් බලයට පත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන යළි දිවයිනට පැමිණ මාධ්‍යවේදීන් හමුවේ කීය.”කවදාවත් අපි ජනතාව රවට්ටන්නේ නැහැ.ජනතාව වෙනුවෙන් ජනතාව කියනදේ තමයි අපි කරන්නේ.අපිට සමහර තැන්වලදි වැරදෙනවා.ජනතාව අපි කියන එක පිළිගන්නේ නැහැ.සමහර වෙලාවට අපිත් ජනතාව කියන එක පිළිගත්තෙ නැති අවස්ථා තියනවා.හැම මැතිවරණයකම අභියෝගයක් තියනවා.ඒත් අපි ඒ අභියෝගය ජය ගන්නවා.”යැයි ද මෙහිදි මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා කීය.ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය උදෙසා පොදුජන පෙරමුණේ මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස දිවයිනට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.