ඉදිරි මාස තුන ඇතුළත ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාරයක් සැපයීමට හෝ පොහොර මිල පහත දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. ඒ සඳහා වන සාකච්ඡා දැන් පැවැත්වෙන බවත් මේ වනවිට ලෝක වෙළඳපොලේ පොහොර පමණක් නොව ඉන්ධන ,කිරිපිටි ,සිමෙන්ති හා ආහාර ද්‍රව්‍යවල මිලද ඉහල ගොස් ඇති බවත් ඇමතිවරයා කියයි.