ඉදිරි යල කන්නය සඳහා ද චීනයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූදහසක් ගෙන ඒමට සැළසුම් කොට ඇතැයි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියයි.
ඒ අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.එම චීන පොහොර තොග ලබන අප්‍රේල් මාසය වන විට මෙරටට ලැබෙනු ඇතැයි ද ඔහු කියයි.
මෙරට වානිජ මට්ටමේ බෝග වගා වල සාර්ථකත්වය සඳහා කාබනික පොහොර පමණක් ප්‍රමාණවත් නොවන බව මේ වන විට තහවුරු වී ඇති අතර චීන කාබනික පොහොර සම්බන්ධ ජනතා විශ්වාසය ද පසුගිය කාලය තුළ බිඳ වැටී තිබේ.