ඉදිරි සති දෙක තුළ රට ස්ථාවර නොවුණොත් මාත් ඉවත් වෙනවා

ඉදිරි සති දෙක තුළ රට ස්ථාවර නොවුණොත් මාත් ඉවත් වෙනවා ඉදිරි සති දෙක තුළ රට දේශපාලන ස්ථාවරත්වයකට පත් නොවුවහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සඳහා අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.අද වන විට රට අගමැතිවරයෙකු, මුදල් ඇමතිවරයෙකු නැති, පාර්ලිමේන්තුව පවා අක‍්‍රිය තත්වයක් තුළ විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය මට්ටමට පත් ව ඇති බව පැවසූ නන්දලාල් වීරසිංහ මහතා හැකි ඉක්මණින් ස්ථාවර පාලන ක්‍රමයක් ඇති කළ යුතු බව ද සඳහන් කළේය.එවැනි ස්ථාවරත්වයක් කෙටි කලකින් ලබාගත නොහැකි නම් රට අරාජික වනු ඇති බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයක් මෙසේ පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක් සේම රට තුළ ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවද කීය.

කාලීන පුවත්