ඉන්ඩිගෝ ට්‍රිචි සිට යාපනේ එයි

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගුර්ගෝන් හි මූලස්ථානය පිහිටි ඉන්දියානු අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි (ට්‍රිචි) සහ ශ්‍රී ලංකාවේ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කරයි.එය 2025 මාර්තු 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත ය.ව්‍යාපාරික, විවේක සහ ආගමික සංචාරකයින් සඳහා වැඩි විකල්ප ලබා දෙමින් කලාප දෙක අතර වැඩිවන සංචාරක ගමන් ඉල්ලුම සපුරාලීම සඳහා මෙම නව ගුවන් ගමන් හඳුන්වා දී ඇති බව නව ගුවන් සේවාව පිළිබඳව අදහස් දක්වමින් ඉන්ඩිගෝ හි ගෝලීය විකුණුම් ප්‍රධානී විනයි මල්හෝත්‍රා මහතා කීය.

කාලීන පුවත්