ඉන්දියන් ධීවරයෝ අපිට “චණ්ඩි පාට් ” දානවා-උතුරේ ධීවරයෝ මෝදිට ලියති

ඉන්දියන් ධීවරයෝ අපිට “චණ්ඩි පාට් ” දානවා-උතුරේ ධීවරයෝ මෝදිට ලියති ඉන්දීය ධීවරයින්ගෙන් තමන්ට සිදු වන හානි බලපෑම් හා තර්ජන ගර්ජන වහාම නතර කිරීමට ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.උතුරේ එක්සත් ධීවර සමිති සංගම් එකමුතුව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත එම ලිපිය බාරදී ඇති බව පැවසෙයි.ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන මාසයේ සිදු කරන ඉන්දිය සංචාරයෙදී මේ පිළිබද සාකච්ඡා කර අදාළ ගැටළුවට ස්ථිර හා සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස උතුරේ ධීවර සමීති එකමුතුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය වරයාගෙන් ඉල්ලා තිබේ.

කාලීන පුවත්