ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ ආදායම් ද වැඩි වී තිබෙන බව දැක ගන්නට පිලිවන්. මේ වනවිට ඉන්දියාවේ ඉහළ මට්ටමේ නළු නිළියන් ලබන ආදායම් සහ ඔවුන්ගේ වත්කම් ගැන සටහනක් මේ.
කලකට පෙර ඉන්දියාවේ වඩාත්ම ආකර්ශණීය සිනමා කර්මාන්තය ලෙස පැවතියේ හින්දි (බොලිවුඞ්) සිනමා කර්මාන්තය යි. නමුත් අද වනවිට බොලිවුඞ් හි ආධිපත්‍යය යට කරගෙන දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයන් ඉහළට පැමිණ සිටිනු දැකගත හැකියි. විශේෂයෙන් දෙමළ, මලයාලම්, තෙලිගු වැනි සිනමා කර්මාන්තයන් පසුගිය කාලයේ විශාල ප‍්‍රගතියක් ලබන්නට සමත් වුණා.
චිත‍්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කළ ඉන්දියානු නළුවා යන වාර්තාවට එයට පෙර හිමිකම් කීවේ දෙමළ සිනමාවේ ජනපි‍්‍රය නළු විජේ යි. පසුගිය වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත‍්‍රපටය වූ The Greatest of All Time නැමැති චිත‍්‍රපටයේ රඟපෑම සඳහා විජේ ඉ. රුපියල් කෝටි 275 ක් (ලංකා රුපියල් කෝටි 930 ක් පමණ) අය කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ වනවිට ඉහළම ගෙවීම් ලබන්නේත් බොලිවුඞ් නළුවන් නොවෙයි. ඇතැම් දකුණු ඉන්දියානු නළුවන් එ් අතිනුත් ඉදිරියට පැමිණ සිටිනවා. චිත‍්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කළ නළුවා ලෙස මේ වනවිට වාර්තා පොතට එක්ව සිටින්නේ ජනපි‍්‍රය තෙලිගු නළු අල්ලූ අර්ජුන්. ඔහු රඟපෑ Pushpa 2: The Rule නැමැති චිත‍්‍රපටය පසුගිය වසරේ සිනමා පේ‍්‍රක්‍ෂකයන් අතර උන්මාදයක් ඇති කිරීමට සමත් වුණා. මෙම චිත‍්‍රපටය ලොව පුරා ප‍්‍රදර්ශණයෙන් ඉන්දියානු රුපියල් කෝටි 1870 කට ආසන්න ආදායමක් උපයන්නට සමත්ව තිබුණා. මෙහි රඟපෑම සඳහා අල්ලූ අර්ජුන් ඉ. රුපියල් කෝටි 300 ක් (ලංකා රුපියල් කෝටි 1,000 ක් පමණ) අය කළ බව පැවසෙනවා.
චිත‍්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කළ ඉන්දියානු නළුවා යන වාර්තාවට එයට පෙර හිමිකම් කීවේ දෙමළ සිනමාවේ ජනපි‍්‍රය නළු විජේ යි. පසුගිය වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත‍්‍රපටය වූ The Greatest of All Time නැමැති චිත‍්‍රපටයේ රඟපෑම සඳහා විජේ ඉ. රුපියල් කෝටි 275 ක් (ලංකා රුපියල් කෝටි 930 ක් පමණ) අය කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
දෙමළ සිනමාවේ තවත් දැවැන්තයකු වන රජිනිකාන්ත් චිත‍්‍රපටයක් සඳහා සාමාන්‍යයෙන් අය කරන මුදල ඉ. රුපියල් කෝටි 125-275 ක් අතර වන බව සඳහන්.
බොලිවුඞ් නළුවන් අතරින් වැඩිම මුදලක් අය කරන්නේ ජනපි‍්‍රය නළු ෂාරුක් ඛාන්. ෆෝබ්ස් ඉන්ඩියා වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ඔහු චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉ. රුපියල් කෝටි 150-250 අතර මුදලක් අය කරනවා. චිත‍්‍රපටයක් වෙනුවෙන් ඔහුට වඩා අය කරන නළුවන් සිටියත් සමස්ත වත්කම අතින් ඉන්දියානු සිනමාවේ ඉහළින්ම සිටින්නේ ෂාරුක්. ඔහුගේ වත්කම ඉ. රුපියල් කෝටි 7,000 කට (ලංකා රුපියල් කෝටි 23,000 කට) ආසන්න බවයි පැවසෙන්නේ. රඟපෑමෙන් පමණක් නොව ෂාරුක් වෙනත් ආයෝජන හරහා ද විශාල වශයෙන් මුදල් උපයන බව රහසක් නොවෙයි. Red Chillies නමින් චිත‍්‍රපට නිශ්පාදන සමාගමක් ද ඔහු සතු වන අතර කි‍්‍රකට් කර්මාන්තයෙන් ද ෂාරුක් විශාල ආදායමක් උපයනවා.

ආමීර් ඛාන් චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉ.රුපියල් කෝටි 100-275 අතර මුදලක් අය කරන බව සඳහන්.
මේ වනවිට තවත් ඉතාම ජනපි‍්‍රය තෙලිගු නළුවකු වන ප‍්‍රභාස් චිත‍්‍රපටයක් වෙනුවෙන් අය කරන මුදල ඉ. රුපියල් කෝටි 100-200 අතර වන බව පැවසෙනවා. සල්මාන් ඛාන් සහ කමල් හාසන් ඉ. රුපියල් කෝටි 100-150 අතර මුදලක් අය කරන බවයි පැවසෙන්නේ. ආක්ෂේ කුමාර් අය කරන මුදල ඉ. රුපියල් කෝටි 60-145 අතර වන බව වාර්තා වෙනවා.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම ඉන්දියාවේත් නළුවන්ට සාපේක්‍ෂව නිළියන්ට කරන ගෙවීම් අඩු යි. ඉන්දියාවේ මේ වනවිට චිත‍්‍රපටයක් වෙනුවෙන් වැඩිම ගෙවීමක් ලබන නිළිය වන දීපිකා පාදුකෝන් චිත‍්‍රපටයකට අය කරන මුදල ඉ. රුපියල් කෝටි 15-30 (ලංකා රුපියල් කෝටි 50-100) අතර බවයි සඳහන් වන්නේ.

මේ වෙද්දී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ද වන කන්ගනා රනෝත් ද නිළියන් අතරින් වැඩි මුදලක් අය කරන කෙනෙක්. ඇයත් චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉ. රුපියල් කෝටි 15-27 අතර මුදලක් අය කරන බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවලින් පැවසෙනවා.
ඉන්දියානු සිනමාවේ වැඩිම ගෙවීමක් ලබන නිළියන් අතර ඉදිරියෙන් සිටින තවත් නිළියක් තමයි ආලියා භාත්. ඇය චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉ. රුපියල් කෝටි 10-20 අතර මුදලක් අය කරන බවයි සඳහන් වන්නේ.
දකුුණු ඉන්දියානු නිළියන් වන නයන්තාරා, රශ්මිකා මන්දනා, සායි පල්ලවි වැනි අයත් අද ඉතාම ජනපි‍්‍රය නිළියන්. ඔවුන් රඟපෑ චිත‍්‍රපට පසුගිය කාලයේ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වනු දැකිය හැකි වුණා.
දකුණු ඉන්දියානු සිනමා නිළියන් අතර ධනවත්ම නිළිය නයන්තාරා බවයි සඳහන් වන්නේ. මේ වනවිට ඇයගේ දේපලවල වටිනාකම ඉ. රුපියල් කෝටි 200 කට (ලංකා රුපියල් කෝටි 675 කට) ආසන්න බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

රශ්මිකා මන්දනා ප‍්‍රධාන කාන්තා චරිතය නිරූපනය කළ Pushpa 2: The Rule චිත‍්‍රපටය වෙනුවෙන් ඇය ඉ.රුපියල් කෝටි 10 ක පමණ මුදලක් අය කර ඇති බවක් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.
නයන්තාරා ද චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉ.රුපියල් කෝටි 10 ක් පමණ අය කරන බව සඳහන්.
සායි පල්ලවි චිත‍්‍රපටයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් ඉ. රුපියල් කෝටි 5-15 අතර මුදලක් අය කරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
දකුණු ඉන්දියානු සිනමා නිළියන් අතර ධනවත්ම නිළිය නයන්තාරා බවයි සඳහන් වන්නේ. මේ වනවිට ඇයගේ දේපලවල වටිනාකම ඉ. රුපියල් කෝටි 200 කට (ලංකා රුපියල් කෝටි 675 කට) ආසන්න බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.
නිහාල් පීරිස්