ඉන්දියාව තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩනැගීමේ කටයුතු වල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව එරට ජාතික විමර්ශන ඒජන්සිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය වසරේ මාර්තු 18 වෙනි දින ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා ආයුධ සොයාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම ක්‍රියාදාමය අනාවරණය වී ඇති බවයි.එම යාත්‍රාවේ සිට අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සැකකරුවන් සය දෙනෙකු සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙ. ඉන් පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සිදු ඇති බවට හෙලි වී ඇත. නඩුවේ අටවෙනි විත්තිකරුවන රමේෂ් නමැත්තා විසින් ගොනු කරන ලද ඇප ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කේරළ අධිකරණයට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.