කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් ඉන්දියාවෙන් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව එම ඔක්සිජන් තොගය රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කරමින් සිටිති.මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට ගෙනෙන ලදී.මෙරට කොවිඩ් “ඩෙල්ටා”ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ ඔක්සිජන් ලබා දිය යුතු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවී ඇත.