ඉන්දියාවෙන් සහල් ගෙන්වන කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ

මේ වන විට රට තුළ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික් ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේ පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ (22) ඒ මහතා මේ බව පැවසීය. කෘෂි­කර්ම හා වෙළෙඳ අමා­ත්‍යාංශ ඒකා­බද්ධ පත්‍රි­කා­වක් ලෙස මෙම පත්‍රි­කාව ඉදි­රි­පත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පළමු අදි­යර යටතේ ආන­ය­නය කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.උත්සව සමයේ පාරි­භෝ­ගි­ක­යන්ට හිඟ­ය­කින් තොරව සහල් සැප­යීමේ අර­මු­ණෙන් මේ පිය­වර ගත් බවද ඔහු පැව­සීය.වෙළෙ­ඳ­පොළේ සහල් හිඟ­යක් මෙන්ම මිල පිළි­බඳ ප්‍රශ්න­යක්ද පව­තින බවත් කී ඇමැ­ති­ව­රයා, පසු­ගිය කාලයේ නාඩු සහල් නිෂ්පා­ද­නය අවශ්‍ය ප්‍රමා­ණ­යට සිදු වුවත් ඒවා වෙළෙ­ඳ­පො­ළට පැමිණ නැති බවද කියා සිටි­යේ ය.

කාලීන පුවත්