ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් හදන්න අපි ඉඩ දෙන්නේ නෑ

ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා වී ඇති පාලම ඉදිකිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.එසේම එකී ව්‍යාපෘතිය යටතේ යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද තම රජය විරුද්ධ බැවින් එය ද ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ කාලීන හා දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.නමුත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදි කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මහත් සේ උනන්දු වන බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ විශේෂ අවධානය යොමු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය නොයෙක් වර වාර්තා කොට තිබිණ.

කාලීන පුවත්