ඉන්දියාව ලංකාවට “නෑගම් එයි”

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.මෙතෙක් සිදු වූ අන්දමට අලුතින් තේරී පත් වූ ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයකු ඔහුගේ පළමු නිල සංචාරය ඉන්දියාවේ සිදුකරන අතර මෙවර එය වෙනස් වී ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් මහතා මෙරටට පැමිණීම විශේෂත්වයකි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරණයට පෙර ද නවදිල්ලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය වි‍දේශ ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉන්දීය විදේශ ඇමැතිවරයා බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ අතරතුර ආචාර්ය ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක හා ඉදිරි ඉන්දීය ව්‍යාපෘති මෙන්ම කලාපීය සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර සමුද්‍රීය ආරක්‍ෂාව හා ආර්ථික සහයෝගිතාව ඇතුළු උපායමාර්ගික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අවධානය යොමු කිරීමට නියමිතය.

කාලීන පුවත්