ඉන්දීය ණය වලින් ඖෂධ ආනයනයට පෞද්ගලික ආනයන කරුවන්ටත් ඉඩ

ඉන්දීය ණය වලින් ඖෂධ ආනයනයට පෞද්ගලික ඖෂධ ආනයන කරුවන්ටත් ඉඩ ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ආනයනයට පෞද්ගලික ඖෂධ ආනයන කරුවන්ට ද පහසුකම් සැපයීමට පියවර ගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ඒ සඳහා ඖෂධ ආනයනකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. මෙම ණය පහසුකම යටතේ රජයේ රෝහල් සඳහා ද ඖෂධ ආනයනයට පියවර ගැනේ. ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිඟයක් ඇතිවිම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බව රත්නායක මහතා කියයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 85 ක් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන අතර ඒවා බටහිර රට වල නිශ්පාදනය කෙරෙන ඖෂධ වලට සාපේක්ෂව අඩු මිලක් යටතේ ලබා ගත හැක.

කාලීන පුවත්