ඉන්දීය විදේශ ඇමති දැන් ශ්‍රී ලංකාවේ;අද සවසම ආපසු යයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා තවත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් අට දෙනකු ද සමඟ එක් දින නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත.එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කිරිමටද නියමිත බවද සඳහන්ය.ඉන් පසුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ශ්‍රී ලංකා සිය එක් දින නිල සංචාරය නිමා කර අද සවස 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පැවසේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා ද මොහු වේ.

කාලීන පුවත්