ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා නිල සංචා­ර­යක් සඳහා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර, දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමා­ලෝ­ච­නය කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය නිවේදනය කරයි.ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ පසුගිය ඉන්දීය සංචා­රය අත­ර­තුර ඉන්දීය විදේශ ඇමැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය තහ­වුරු කර තිබෙන අතර මේ අතර ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා එළැ­ඹෙන අගෝස්තු මාස­යේදී මෙරට සංචා­ර­ය­කට එක්වීමට නියමිත අතර ඊට පෙර ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා මෙර­ටට පැමි­ණෙන බව ද එම අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

කාලීන පුවත්