ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

භූමිකම්පාව කිලෝමීටර් 39ක් (සැතපුම් 24.23) ගැඹුරින් ඇති වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නොමැති බවයි.

ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ සුනාමි අවදානමක් නොමැති නමුත් පසු කම්පන ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.

කාලීන පුවත්