රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැන නැඟී ඇති ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර අගැයුම් කටයුතු තාවකාලිකව නතරකළ බවත් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කර ඇත.පවත්නා අර්බුදය හමුවේ එම අගැයුම් කටයුතු සඳහා එක් වීමට ගුරුවරුන්ට ඇති නොහැකියාව මීට පෙර ගුරු සංගම් විසින් ද පෙන්වා දී තිබේ.