ඉන්ධන ප්‍රමිතිය ගැන සැක නම් දන්වන්න ක්ෂණික ඇමතුම් අංක දෙකක්

ඉන්ධන ප්‍රමිතිය ගැන සැක නම් දන්වන්න ක්ෂණික ඇමතුම් අංක දෙකක් පිරවුම් හල් වලින් ලබා ගන්නා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම්, 0115 234 234 හා 0115 455 130 යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කරයි..ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාල කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරීක්ෂණාගාර වෙත යොමු කර ඇති අතර , ප්‍රශ්නකාරී ටැංකි රථය කොළොන්නාව නිමාව වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදු කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටියි.එමෙන්ම සංස්ථාව ප්‍රකාශ කරනුයේ බෙදාහැරෙන ඉන්ධන සංචිත තත්වයේ තිබිය දී සේම පිරවුම් හල් වෙත යැවීමේ දී කිහිප වරක් ප්‍රමිති පරීක්ෂාවන්ට ලක් කරන බවකි.

කාලීන පුවත්