ඉන්ධන පිරවුම්හල් ඇති සියලුම ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් වලට තෙල්

පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංගම ඩිපෝ් වලින් ඉන්ධන ලබා දිමේ වැඩසටහන මේ වන විට දවයින පුරා තෝරාගත් ඩිපෝ 45 ක පමණක් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේ දී ඉන්ධන පිරවුම්හල් ඇති සියලුම ඩිපෝ මගින් පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.නමූදු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ මෙතෙක් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කොට ඇත්තේ ලංගම ඩිපෝ තුනකින් පමණක් බවය.මේ අතර ලංකා ගමනාගමන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනුයේ පෞද්ගලික බස් කරුවන් විසින් ලංගමය බිඳ දමා බස් රථ මඟී ප්‍රවාහන ඒකාධිකාරය සිය`තට ගැනීමට දිගු කලෙක සිට මාන බලන පසුබිමක ලංගම බස් රථ ධාවනය පිණිස සඳහා ඇති සීමිත ඉන්ධන ප්‍රමාණය ද පෞද්ගලික බස් රථ වලට ලබා දෙන ලෙසට කර ඇති දේශපාලන තීන්දුව ලංගම සභාපති වරයා මඟින් ක්‍රියාවට නැංවීම ලංගමයේ ඉදිරි පැවැත්මට අතිශය හානි දායක බවය.

කාලීන පුවත්