ඉන්ධන බෙදාහැරීමට පිරවුම් හල් හිමියෝ පසුබාති

දැනට පවතින තත්වය යටතේ තව දුරටත් ඉන්ධන බෙදාහැරීම පිරවුම් හල් සේවකයන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමට පවා හේතු වී ඇති බැවින් ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව තාවකාලිකව අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් ගණනාවක් තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර තිබේ.ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන් ප්‍රචණඩකාරී ලෙස හැසිරීම ඉන්ධන පිරවුම්හල් සේවකයන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති අතර ඔවුන් සේවා කාලය තුළ දී මෙන්ම ඉන් පිටත දී ද ප්‍රචණ්ඩකාරීත්වයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පෙන්වා දෙති.

කාලීන පුවත්