ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට ඊයේ දිනයේ සිට බාධා එල්ල වී තිබුණි.

ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.

කාලීන පුවත්