ඉන්ධන මිල ඉහළ යාම නිසා විද්වත් උපදෙස් මත පොදු ප්‍රවාහන විධිමත් කිරීමේ සැළසුමක්

වත්මන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාව මුහුණ පාන දුෂ්කරතාවයන් මඟ හැරීම පිණිස පොදු ප්‍රවාහන සේවා පද්ධතිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ලබාදිය හැකි විසදුම් පිළිබදව විද්වත් වෘත්තිකයින්ගෙන් අදහස් හායෝජනා ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.දැනට පවත්නා දුම් රිය මඟී තදබදය අවම කිරීම පිණිස ඉදිරි සති දෙක ඇතුලත් අමතර දුම්රිය ගමන් වාර 50 ක් ධාවනයට එක් කෙරෙනු ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් ගුණරත්න මහතා ඇතුලු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් සමඟ කොළඹ දී පැවැති වැඩමුලුවක දි ඇමති බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.

කාලීන පුවත්