‘ඉන්ධන මිල වහා වැඩි කළ යුතුයි’ මහ බැංකුව කියයි.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 35ක්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින්,සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් වශයෙන් කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. මේ අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ණයවර ලිපි නිකුත් කිරීම ද අතරමග නැවතී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

කාලීන පුවත්