ඉන්ධන ගොඩබා ගැනීම, බෙදාහැරීමේ පසුබෑම් සහ ඉන්ධන හල්වල ඇණවුම් සඳහා ගෙවිම් ප්රමාදවීම් මත ඉන්ධන පෝලිම් ඇති වුව ද ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි.ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරමින්, පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන හිඟයකින් තොරව බෙදාහැරීමටත් තමන් කටයුතු කරමින් සිටින බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ද ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල් ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙමින් පවතින බවත් ආනයනික ඉන්ධන තොග ද කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව පවසයි.ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ද එම සංස්ථාව පවසයි.