ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල් රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරකට ලක් ව තිබේ.යානයේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හට ගත් බැවින් නියමුවන් එය හදිසියේ ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී අනතුරට පත් ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කොට ඇත. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරෙන අතර.යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කොට තිබේ. නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකිව නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.අධික මීදුම ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා පමුණුවන අතර හෙලිකොප්ටරය තවමත් අතුරුදන්ව ඇත.ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම පිණිස පසුගිය දා ශ්‍රී ලංකාවට ද පැමිණියේය.