ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි

ජූලි 13 වැනි දිනට යෙදී තිබූ සිය ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(11) අත්සන් තබා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය හෙට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නියමිතය.ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට භාර දී ඇති අතර ඔහු එය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.එවිට එම ලිපිය මඟින් දන්වා ඇති පරිදි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් බවට හෙට නිල ප්‍රකාශයක් කරනු ඇත.එමෙන්ම තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා ජාතිය අමතා ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් නොසිතන බව ජනපති වරයාට සමීපතම ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කීය.ඔහු එය හඳුන්වන ලද්දේ ක්‍රිකට් ව්‍යවහාරයේ එන රිදුම්කාරී සමුගැනීමක්( Retired hurt )ලෙසිනි.

කාලීන පුවත්