ප්‍රබල දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හිතවතුන්ටඑරෙහි අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මඟින් පැවරීමට ඇති නඩු රැසක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිසි පියවර නොගත් නඩු හතළිහකට ආසන්න ප්‍රමාණයක් කඩිනම් කර ඇති අතර පසුගිය සමයේ සමාජයේ ඉහළින්ම බැබලුණු දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන ඥාති හිතවතුන්ට මේවායෙන් චෝදනා එල්ල වී ඇත.ඒ අතුරින් විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින නඩු කිහිපයක් සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇති බව ද සඳහන් ය.