ඊයේ කොවිඩ් ආසාදිතයන් 927ක් ;900 පසු කළේ මාස හතරකට පසුවයි

ඊයේ(26) කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.මේ අතර පුද්ගලයින් 30,253 දෙනෙකු ඊයේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව ලබාගැනීමත් සමග මෙලෙස තෙවැනි එන්නත් ලබාගත් සමස්ථය මිලියන 5 ඉක්මවා ගිය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

කාලීන පුවත්