ඊශ්‍රායලයෙන් ශ්‍රීලංකාවට රැකියා රැසක්

ශ්‍රි ලංකාවට, ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමඟ එම රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාදීමටයි එකගතාවය පළකර තිබේ.

ඒ අනුව, කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මිකයින් යන ක්ෂේත්‍රවල රැකියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබේ .

වයස අවුරුදු 25-44 ත් අතර, ඉහත සඳහන් ක්ෂේත්‍රවල මනා පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි .

මෙම බඳවාගැනීම් සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතු වෙයි.

මෙම බඳවාගැනීම සඳහා කාර්යාංශය විසින් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අවසර ලබාදී නැති අතර, ඒ සඳහා කිසිම විටෙක මුදල් ගෙවීමක් සිදු නොකරන ලෙසයි ජනතාවගෙන් විදෙස් කාර්යාංශය ඉල්ලා සිටියි.

එලෙස මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864241 අංකයට දැනුම් දෙන ලෙසයි සඳහන් කරයි.

කාලීන පුවත්