ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්රචණ්ඩ වීම මත “චෙරියපාණි” ඉන්දු ලංකා මගී ප්‍රවහන යාත්‍රා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය සමනය වූ පසු ලබන ජනවාරි සිට යලි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා පැවැසීය.”චෙරියපාණි” නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කළ හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගි ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය.මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේ දී දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුවි ඇති බව සමන් පෙරේරා මහතා කීය.