ඊළඟ ජනපතිවරණයේ පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක බැසිල් වෙනුවට රනිල්?

ඊළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පෙරමුණට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙළට පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් තව දුරටත් පරිනත වූ පසු ඔහු ඉනික්බිතිව ජනාධිපති පදවියට පත් කිරීමේ අරමුණ සහිතව බව ද පැවසෙයි.එමෙන්ම ඊළඟ ජනපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක මහතා ඉදිරිපත් කළ ද ඒ මහතාට ඉන් ජයග්‍රහණය ලැබීමට නොහැකිවීම මත එය රාජපක්ෂ පවුලේ පරාජයක් ලෙස මෙරට දේශපාලන ඉතිහාසයට එක් වීම වැලැක්වීමට ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමෙන් අවකාශ ලැබෙනු ඇති බවට එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨතමයන් කිහිප දෙනකුගේ අදහස වී තිබේ.

කාලීන පුවත්