ඊළඟ පරපුර දුම් බීමෙන් මුදා ගැනීමට නවසීලන්තයේ නීති සැකසෙයි

අනාගතයේ දුම්පානය නතර කිරීමේ අරමුණින් නවසීලන්තය තම ඊළඟ පරම්පරාවට දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් කිරීමට පියවර ගනිමින් සිටියි.ලබන වසරේ බලාත්මක කිරීමට බලාපොරොත්තු වන නීතියක් යටතේ.

2008 න් පසු උපත ලද ඕනෑම කෙනෙකුට තම ජීවිත කාලය තුළ සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වනු ඇත. “අපට අවශ්‍ය වන්නේ තරුණයින් කිසි විටෙකත් දුම්පානය ආරම්භ නොකිරීමට වග බලා ගැනීමටයි,” සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අවේෂා වෙරාල් පැවසීය.

මෙම පියවර නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද දුම්පානය මැඩලීමේ ක්‍රියාමාර්ගයක කොටසකි.

කාලීන පුවත්